දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු සදහන් කළේ ආයතන කිහිපයක් යටතේ ජලාශ පාලනය වීම ගැටලුකාරි තත්ත්වයක් බවයි.
මේ අතර වලව ගොවි ගැටඵව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.
මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ මෙරට කෘෂිකාර්මාන්තය දැවැන්ත ලෙස බිඳ වැටී ඇති බවයි.