වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. ජුලි මස පළමු වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළද පසුගිය පළමු වැනිදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ ගියා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ නව ඉන්ධන මිල ගැලපුමට අනුව බස් ගාස්තු අඩු කළ හැක්කේ සියයට 0.55 ක ප්‍රතිශතයෙන් පමණක් බවයි. මේ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ ද කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති. නව ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩු වන්නේ රුපියලකින් බවයි සඳහන් වන්නේ. මීට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් දෙක රුපියල් තුන3 ආදී වශයෙන් අඩු වන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අඩු වනු ඇති. එමෙන්ම මෙම බස් ගාස්තු අඩු වීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- පනත් කෙටුම්පත් දෙකක් සදහා කථානායකගේ සහතිකය
- ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
- ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක්
- 2025 ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට අදාළ තාක්ෂණික වාර්තාව අමාත්‍යවරයා වෙත
- හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්
- කර්මාන්ත 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ප්‍රධානත්වයෙන්
- ගම්පහ විගමණික දරුවන් වෙනුවෙන් කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 50ක්
- වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්