ලබන 25 වන සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව මෙම ශෝක යෝජනා පිළිබඳ විවාදය සිදු කෙරෙනු ඇති. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලිනී ෆොන්සේකා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. ශෝක යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
- විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
- හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
- උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි














