හැටන් සිංගිමලේ රක්ෂිත කැලෑවට යම් යම් පිරිස් විසින් සිදු කරනු ලබන ගිනි තැබීම් හේතුවෙන් එම කැලෑවේ අක්කර ගණනාවක් විනාශයට පත්ව ඇති අතර එම තත්ත්වයන් මත දැඩි පරිසර විනාශයක් සිදුවන්නා මෙන්ම දැඩි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක්ද හටගෙන ඇති බව වාර්තා වනවා.
මධ්‍යම කඳුකරය තුළ මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් පවතින සුළං තත්ත්වයන් හේතුවෙන් මෙහි සිදු කරනු ලබන කුඩා ගිනි දැල්වීමක් වුවද එම ප්‍රදේශය පුරා ක්ෂණිකව පැතිර යාමත් සමග එහි විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිංගිමලේ රක්ෂිත කැලෑව තුළ පවතින ජලාශයේ ජලය ජල සම්පාදන මණ්ඩලය විසින් ලබාගෙන හැටන් ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමට පියවර ගන්නා අතර මෙසේ මෙම කැලෑවට වරින්වර ගිනි තැබීම හේතුවේන එහි ජල ධාරිතාව සිඳී යාමත් සමග හැටන් ප්‍රදේශයේ ජනතාවට ජලය බෙදාහැරීම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලයට සිදුව තිබෙනවා.
සෑම වර්ෂයකම වියළි කාලගුණික තත්ත්වයන් පවතින කාලයන්හිදී මෙලෙස මෙම රක්ෂිතයට ගිනි තැබීම් සිදු කරන බවත් මෙලෙස කැලෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අදාළ බලධාරීන් විසින් පියවර ගත යුතු බවද මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනවා.














