යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට කෘෂිකර්මාන්තය සහ අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්රයකටම නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 346 වැනි අදියර යටතේ කුරුණෑගල වාරියපොළ මිනුවන්ගැටේ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.