අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබද පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉංග්‍රීසි භාෂා විෂය පැවැත්වෙන අතරතුර එය වට්ස්ඇප් ඔස්සේ සංසරණය කර ඇති බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ.
වංචා සහගතව විභාග අපේක්ෂකයින් පිළිතුරු ලිවීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද ඔහු සදහන් කළා.
කෙසේ වෙතත් ඉන් ඉංග්‍රීසි භාෂා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් වී නොමැති බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළා.