2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා.
පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනේ පසුගීය බ්‍රහස්පතින්දා දිනයේයි.
නමුත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු අද දක්වා කල් දැමුණු බවයි විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ .
පසුගිය මස මැයි මස 6 වනදා ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්වුණා.