උතුරු නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාවක් එල්ල වීමෙන් පුද්ගලයන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විවාහ උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා එම ප්‍රහාරමාලාව සිදුවී ඇති අතර, එය මරාගෙන මැරෙන බෝම්බකාරිනියන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයක් බව එරට පොලිසිය සැක පහළ කර තිබේ.
කෙසේවෙතත් බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාර ගෙන නැහැ.