සහස්ධනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා ඇත්තේ සහස්ධනවි ව්‍යාපෘතියේ සමතුලිත ගාස්තු සම්බන්ධයෙන් යම් පාර්ශව තුල වැරදි අවබෝධයක් ඇති වී තිබෙන බවයි.
ජාතික විදුලි බල පද්දතියේ පද්දති ස්ථායීතාවය සහ තාක්ශණික ආරක්ශාව සහතික කිරීම සදහා මෙම බලාගාරය අත්‍යවශ්‍ය වන බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
මෙම බලාගාරය ඉල්ලුම මත සැපයීමේ යාන්ත්‍රණයක් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන බවයි එමගින් අවධාරණය කරන්නේ.
ඒ අනුව එහි දක්වා ඇත්තේ අවහ්‍යතාවයක් නොමැති විට එම බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සදහා විදුලි බල මණ්ඩලය බැදී නොමැති බවයි.
බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ධාරිතා ගාස්තුව ලෙස හදුන්වනු ලබන ස්ථාවර ගාස්තුව පමණක් ගෙවන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
බලාගාරයට ගෙනු ලබන අනෙක් ගාස්තුව වන්නේ බලශක්ති ගාස්තුවයි.
එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ විදුලි ජනන මිලෙහි ආරෝහණ පිලිවෙළ මත විදුලිය උත්පාදනය කිරීමට කැදවන විට පමණක් මෙම බලශක්ති ගාස්තුව ගෙවන බවයි.
එම නිසා මෙම බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි එම මාද්‍යනිවේදනය මගින් මහජනතාව වෙත දැනුම් දී සිටින්නේ.
උණුසුම් පුවත්
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
- අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල













