සහස්ධනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා ඇත්තේ සහස්ධනවි ව්‍යාපෘතියේ සමතුලිත ගාස්තු සම්බන්ධයෙන් යම් පාර්ශව තුල වැරදි අවබෝධයක් ඇති වී තිබෙන බවයි.
ජාතික විදුලි බල පද්දතියේ පද්දති ස්ථායීතාවය සහ තාක්ශණික ආරක්ශාව සහතික කිරීම සදහා මෙම බලාගාරය අත්‍යවශ්‍ය වන බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
මෙම බලාගාරය ඉල්ලුම මත සැපයීමේ යාන්ත්‍රණයක් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන බවයි එමගින් අවධාරණය කරන්නේ.
ඒ අනුව එහි දක්වා ඇත්තේ අවහ්‍යතාවයක් නොමැති විට එම බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සදහා විදුලි බල මණ්ඩලය බැදී නොමැති බවයි.
බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ධාරිතා ගාස්තුව ලෙස හදුන්වනු ලබන ස්ථාවර ගාස්තුව පමණක් ගෙවන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
බලාගාරයට ගෙනු ලබන අනෙක් ගාස්තුව වන්නේ බලශක්ති ගාස්තුවයි.
එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ විදුලි ජනන මිලෙහි ආරෝහණ පිලිවෙළ මත විදුලිය උත්පාදනය කිරීමට කැදවන විට පමණක් මෙම බලශක්ති ගාස්තුව ගෙවන බවයි.
එම නිසා මෙම බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි එම මාද්‍යනිවේදනය මගින් මහජනතාව වෙත දැනුම් දී සිටින්නේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














