යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකට සම්බන්ධවු සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූවේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හා නවක සිසුන් පිරිසක් අතර වු ගැටමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මත සිසුන් සිව් දෙනෙකු වෙත නැවත දැනුම්දෙන තුරු පන්ති තහනම් කර ඇති බවයි.
පසුගිය 21 වැනිදා තිරුනෙල්වේලි පිහිටි යාපනය, විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපිරිසක් අතර ගැටුම හටගෙන තිබුණා.
පන්ති තහනමට ලක්ව ඇත්තේ සිව්වන වසර සිසුන් තිදෙනෙකු හා පළමු වසර සිසුවෙක්.
පාලක සභාව පැවසූවේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සිසුන් වෙත දඩුවම් පැනවීමට නියමිත බවයි.
උණුසුම් පුවත්
- දිළිඳු පවුල් සඳහා ඉදිකළ නව නිවාස ප්‍රතිලාභීන් වෙත
- ඖෂධ මිල නියාමන ගැසට්ටුවට අනුමැතිය
- ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
- වෙන්නප්පුවේ මාරක අනතුරක්
- බඩෝවිට ආශා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් සැකකරුවන් පස් දෙනෙකු සමග දකුණු මුහුදේදී අත්අඩංගුවට
- අගමැති හරිනි සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුවක්
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට