මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
සම්පත් මනම්පේරි සහ බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි මෙම සොයාගැනීම් සිදු කර ඇත්තේ.
එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02 ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ ඔ-56 උණ්ඩ 115 ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් යන අය විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවයි.
පසුව සම්පත් මනම්පේරි නැමැත්තා මෙම නිවස පිටුපස ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය වී තිබෙනවා.