සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අදපෙරවරුවේ දිවුරුම් දුන්නා.
ඒ, පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදියි.
ජාතික ජනබලවේගය පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ පසුගියදා හදිසි රෝගී තත්ත්වයකින් මිය ගිය පාර්ලමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.