Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

    සජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

    2023-11-06කියවීමට මිනිත්තු 3ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක වී තිබෙනවා.

    මීට ඉහතදී DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ද සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබූ අතර ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු යළි එම තනතුරුවල පිහිටුවන ලෙසටයි අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ.

    එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂ තනතුරුවල පිහිටුවීම සිදු කළ ද ඔහුට නිසි පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ නොලැබීම මත ඔහු යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් නිසිලෙස ඉටුනොකිරීම මත අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින්.

    එමෙන්ම තමන් යළි තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගය තුළ තමා අධ්‍යක්ෂ ධූරවලින්වලින් නෙරපීම අරමුණු කරගෙන පවත්වන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකිවන ආකාරයෙන් ද  සජිත් රාජපක්ෂ විසින් තහනම් නියෝගයට කරුණු ඇතුළත් කරගෙන  ඇතැයි සඳහන්. ඒ අනුව එම නඩුව ලබන 20 වනදා කැඳවීමට නියමිතයි.

    මෙවන් පසුබිමකයි කසුන් රාජපක්ෂ විසින් ඊයේ (03) DSI සැම්සන් සමූහ මූලස්ථානයේදී රැස්වීමක් කැඳවීමට කටයුතු සැලසුම් කර තිබුණා.

    ඒ අනුව අධිකරණ නියෝග ද නොතකා සජිත් රාජපක්ෂව මෙම ආයතනික ක්‍රියාවලියෙන් ඉවත්කර ගැනීමේ අරමුණේ කසුන් රාජපක්ෂ දැඩිව සිටිමින් එම රැස්වීමට සජිත් රාජපක්ෂගෙන් එල්ල විය හැකි බාධාවන් ඉවත් කරගැනීමට කොළඹ වාණිජ  මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට ද කසුන් රාජපක්ෂ ක්‍රියා කර තිබූ බවටයි වාර්තා වන්නේ.

    ඊට එරෙහිව සජිත් රාජපක්ෂගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කසුන් රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ කර තිබෙනවා. සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දැඩි ලෙස තර්ක කර ඇත්තේ තම සේවා දායකයා මෙම සමාගම්වලින් ඉවත් කිරීම හරහා එම ආයතන ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි අතර සමාගම් තිරසාරභාවයට දැඩි හානිකර තත්ත්වයක්  ඇති විය හැකි බවයි.

    සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට  විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බව ද ඔවුන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. පසුගිය වසර 5 තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් නියෝජනය කරන රණතුංග රාජපක්ෂ  පවුලේ සමාගම්වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

    මේ අතර කසුන් රාජපක්ෂගේ මූලික මෙහෙයවීමෙන් යුත් පාවහන් නිෂ්පාදන සමාගම්වල කාර්ය සාධනය පිළිබඳව ද  අධිකරණයට දැක්වූ කරුණු ඔස්සේ අනාවරණය වී තිබුණා.

    ඒ අනුව පසුගිය වසර 5 තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත්  සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

    ඊට හාත්පසින්ම වෙනස්ව, එම කාලය තුළම, සජිත් රාජපක්ෂගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල සඳහන්. ඔහුගේ  ව්‍යාපාර වාර්ෂිකව සමූහ ව්‍යාපාරයට රුපියල් මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල්  75කට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් හරහායි.

    DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි සජිත් රාජපක්ෂ කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නඩුව පවරා ඇත්තේ. එය යළි මෙම මස 20 වැනිදා කැඳවීමට නියමිතයි.

    පෙර පුව​තගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට
    ඊළඟ පුව​ත ඩයනා / සුජිත්/ රෝහණ වලිය ගැන සොයන කමිටුව අද රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group