ලද තොරතුරක් මත කොළඹ – උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝදර, ඉබ්බාවත්ත හන්දිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාරිය වයස අවුරුදු 31 ක් වූ කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සැකකාරියගෙන් සිදු කළවැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කොළඹ – 13 නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සැකකරුවෙකුගේ නිවසක් පරික්ෂා කර ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 745 ක්, විදේශ රටක නිෂ්පාදිත රිවොලර් වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සැකකාරිය සමග මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. අදාළ සැකකරුද වයස අවුරුදු 39 ක් වූ කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදි සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන අනුගාමිකයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල ආරක්ශක ඇමතිගෙන් ගාසා නගරයට රතු එළියක්
- සපුගස්කන්ද තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක්
- ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල පහලට
- ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
- ඉතාලි නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය සහ අග්‍රාමාත්‍ය හරිනි අතර හමුවක්
- ළිඳකට බහින්න ගිය පුද්ගලයෙක් ඇද වැටී මරුට
- රටේ සහල් නිෂ්පාදනය වැඩි කරන්න රජය සූදානම්
- ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර