එංගලන්ත පිල නිර්මාණය කරන ලද ලකුණු 351 ක දැවැන්ත ලකුණු පුවරුව වෙනුවෙන් ඉහළම දායකත්වය ආරම්භක පිතිකරු බෙන් ඩකට්ගෙන් ලැබී තිබුණු අතර ඔහු පන්දු 143 ක් තුළ ලකුණු 165ක් වාර්තා කිරීමට සමත්වුනා.
ඊට අමතර ජෝ රූට් ලකුණු 68ක් වාර්තා කලා
ලකුණු 352 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමේ දී එක් අවස්ථාවක ඔස්ට්‍රේලියානු පිලේ මුල් පෙළේ කඩුළු 4 ක් ලකුණු 136ක් තුළ බිඳ වැටී තිබුනා.
කෙසේවෙතත් එහිදී පිටියේ ස්ථාවර වූ ජොෂ් ඉංග්ලිස් නොදැවී පන්දු 86 කදී ලකුණු 120ක් හා ඇලෙක්ස් කෙරී ලකුණු 69ක් ලබාගැනීමට සමත් වූයේ පස්වන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 146 ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් .
තරගයේ අවසාන පන්දුවාර කිහියේ දී ග්ලේන් මැක්වෙල් පන්දු 15ක දී නොදැවී ලකුණු 32 ක් ලබා ගැනීමට සමත්වුනා.