‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ් කණ්ඩායමට සිදු වුනා.
ඒ ඊයේ පැවති තීරණාත්මක තරගයේ දී පාකිස්තාන ් කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්.
මෙහිදී පාකිස්තානයෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණයි.
ශ්‍රී ලංකාව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් තරගයේ 4 වන පන්දුවාරයේදී කඩුලු 2ක් දැවී ලකුණු 45ක් රැස්කරගෙන තිබුණා.
ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වුනා.
ඒ අනුව පාකිස්තානය හා බංග්ලාදේශය අවසන් මහා තරගයේදී හමුවීමට නියමිතයි.












