ශ්‍රී ලංකා සහ බංගලාදේශ වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට අදාළ නිල කාලාසටහන නිකුත් කර තිබෙනවා .
ඒ අනුව තෙදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් මෙම තරගාවලිය සමන්විතයි .
තරගාවලියේ පළමු තෙදින තරගය නොවැම්බර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදී පැවැත්වෙනවා.
එමෙන්ම දෙඅරට අතර දෙවැනි තෙදින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 2 වැනිදා සිට සිවුවැනිදා දක්වායි.
එක්දින තරග 3 ම බංග්ලාදේශයේ චැටෝග්‍රෑම්හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා .
එම තරග පිළිවෙළින් දෙසැම්බර් මස 7, 9 සහ 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ .










