ඕස්ටේරලියා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ දී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි දී මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාව, ඕස්ටේරලියාව සහ එංගලන්තය සහභාගීත්වයෙන් එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා දෙකෙන්ම තරගාවලි පැවැත්වීමටයි සැලසුම් ඇත්තේ.
මෙම තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම තරග හතරක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක්දින තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙම තරග අවසානයේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් තරගාවලි ජයග්‍රාහකයින් ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
19න් පහළ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීමේ අරමුණින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන මාර්තු 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- කුරුලු උයනේ හිමිකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතයට
- අතුල තිලකරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
- වැඩබලන පොලිස්පතිවරයාගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පී ඩී එෆ් ගොනුවක්
- රට තුළ නැවත කිසිලෙසකින්වත් ජාතිවාදි යුද්ධයක් නැහැ-එරංග ගුණසේකර
- ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන්
- තායිලන්තය සහ කාම්බෝජය යලිත් උණුසුම් !
- පාස්කු වින්දිතයන්ට අනිවාර්යෙන් සාධාරණය ඉටු කරනවා – අගමැතිනියගෙන් සහතිකයක් ! VEDIO –
- එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක් ! VEDIO –