ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිල්හෙට් හීදී ආරම්භ වනවා.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු නොමැතිවයි.
අත්දැකීම් බහුල බංග්ලාදේශ මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව 2022 වසරේ දී බංග්ලාදේශයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියේ දී අසිත තරග දෙකකදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.
පළමු ටෙස්ට් තරගය සදහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරන නමුත්, තණකොල සහිත තණතීරුවක් ලැබීමට නියමිතව ඇති බව ද සදහන්.
සිල්හෙට් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමේ අවධානමක් පවතින බවටයි කාළගුණ අනාවැකි පලව ඇත්තේ.
බංග්ලාදේශ කණ්ඩායම බංග්ලාදේශයේ දී මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ටෙස්ට් තරගයක් ජය ගෙන නැහැ. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 24 න් තරග 18 ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
උණුසුම් පුවත්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
- ඇමෙරිකාවෙන් වෙනිසියුලානු බෝට්ටුවකට ප්‍රහාරයක්
- ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ගොඩබිම් ප්‍රහාරයක්