ශ්‍රී ලංකා-බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මෙම තරඟය තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙලෙස ආබාධ තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගය අහිමිව ගොස් ඇත්තේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසන්ටයි.
ඊයේ පැවති පුහුණු සැසියකදී ඔහු පාදයේ ආබාධයකට ලක්වී ඇති බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද පැවැත්වෙන තරඟය ක්‍රීඩා කිරිම සදහා ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති බවට වෛද්‍යවරුන් පවසනවා .
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක හට ද අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය අහිමි වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පෙරවරුවේ නිවේදනය කළා.
තරග තුනකින් සමන්විත ශ්‍රි ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය මේ වනවිට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර තීරණාත්මක අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- බොරැල්ල, කනත්ත හන්දියේ මාරක අනතුරක්
- මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා
- පහරදීමකින් තරුණයෙකු මරුට
- ජනපති මාලදිවයින බලා පිටත්ව යයි
- යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
- කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
- පළාත් දෙකකට සිහින් වැසි
- අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට