සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය පෙරවරු 9.30ට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුසංකට අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට තොරතරු වාර්තා වනවා.
දිල්ෂාන් අද සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් වරම් හිමිකර ගත් 164 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වනු ඇති.
මේ අතර සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා .
උණුසුම් පුවත්
- ජපානයට අමෙරිකාවෙන් තර්ජන
- අමෙරිකාවෙන් ඉන්දියාවට වෙළෙඳ ගිවිසුමක්
- අයෙක් මරුට – හතකට තුවාල මධ්‍යම අධිවේගී මාර්ගයේ රිය අනතුර
- පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක්
- යෝෂිතට සහ ඩේසි ෆොරස්ට්ට අධිචෝදනා
- වෙඩි වැදුණු වන අලියෙක් කණ්ඩලම වැව් ඉස්මත්තේ
- බිරිද දොර වැසූ නිසා පුද්ගලයෙකු ළිදට වැටී මියයයි
- ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි