සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ලකුණු 30 විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩාමද අද(28) සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලබාදුන්නා.
ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 221ක් ලබාගැනීමට සමත් වූවා.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana පන්දු 48කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 80ක් රැස් කර ගැනීමට සමත් වූවා.
Shafali Verma පන්දු 46කදී ලකුණු 79ක් ලබාගැනීමට සමත් වූවා.
ඊට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් අන්තර්ගතයි.
නොදැවී පන්දුවට පහර දුන් Richa Ghosh හයේ පහර තුනක් හතරේ පහර 4ක් සමගින් ලකුණු 40ක්ද ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායික Harmanpreet Kaur නොදැවී ලකුණු 16ක්ද ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මල්ෂා ෂෙහානි සහ නිමාෂා මීපගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 222ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලබාගත හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 191ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ නායිකා චමරි අතපත්තුයි.
ඇය පන්දු 37කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 52ක් ලබාගැනීමට සමත් වූවා.
හසිනි පෙරේරා ලකුණු 33ක්ද ඉමේෂා දුලානි ලකුණු 29ක්ද හර්ෂිතා සමරවික්‍රම ලකුණු 20ක්ද ලබාගැනීමට සමත් වූවා.
නොදැවී පන්දුවට පහර දුන් නිලක්ෂිකා සිල්වා පන්දු 11කදී ලකුණු 23ක් ලබාගත්තේ හතරේ පහර හතරක්ද සමගින්.
පන්දු යැවීමේදී ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Arundhati Reddy සහ Vaishnavi Sharma කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
Shree Charani එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.
ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ මේ වන විට පැවැති තරග හතරෙහිම ජය අත්කර ගැනීමට ඉන්දීයව සමත්ව තිබෙනවා.
පස්වන හෙවත් අවසන් විස්සයි විස්ස තරගය එළැඹෙන 30 වැනිදා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.













