ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය 2023 මැයි 24 සිට 26 කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වළල්ලේදී (Royal MAS Boxing Arena) මෙම තරඟාවලිය පැවැත්විනි. මේ සඳහා දිවයිනේ ප්‍රකට බොක්සිං ක්‍රිඩා සමාජ රැසක් හා ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 ක් සහභාගී විය.
කිලෝ ග්‍රෑම් 51, 57 , 60, 63.5, 92 සහ 92 ට වැඩි, යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලපාබල එස්. අයි රන්මල්, නායක පාබල වී.එම්.එම් දීප්තිවර්ධන, බලනැවි ජේ.පී කෞෂල්‍ය සහ බලනැවි පී.ඒ.ර්.එල් විනෝද් යන ක්‍රීඩකයින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර කිලෝ ග්‍රෑම් 48, 50, 60, 81 යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලකාන්තා නැවි ඒ.ඒ.කේ කවීෂා, බලකාන්තා නැවි කේ.එම්.එම්.ජේ කෝනාර, බලකාන්තා නැවි එල්.ආර්.එස් සසංගි සහ බලකාන්තා නැවි එච්.එම්.එච්.පී ජයකොඩි යන ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.
එමෙන්ම, කිලෝ ග්‍රෑම් 54, 75 සහ 80 යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බල පාබල බී.ඕ.ඕ.කේ.අයි.සී ප්‍රභාත්, බලනැවි එච්.එම්.එස්.පී හේරත් සහ බලනැවි එස්.එම්.ටී.ඩී.බී සමරසේකර යන ක්‍රීඩකයින් රීදී පදක්කම් ද, කිලෝ ග්‍රෑම් 48, 67, 71, 52, 54 සහ 57 බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බලනැවිඩබ්.පී අරවින්ද, බලනැවි බී.ඒ.යූ බුලත්ගේ, ආධුනික නැවි ආර්.එම්.එම්.කේ රත්නායක, සාමාන්‍ය කාන්තා නැවි ආර්.එම්.එස්.එස් රත්නායක, බලකාන්තා නැවි ආර්.එම්.වයි.ඩී.බී මැණිකේ සහ සාමාන්‍ය කාන්තා නැවි කේ.ඒ.ඩී.ඒ.එස් ජයලත් යන ක්‍රිඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම්ද දිනා ගැනීමට සමත් විය.
තවද, කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ ක්‍රීඩා කල බලනැවි ඒඑස් ප්‍රියංකර විසින් දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ද,කිලෝග්‍රෑම් 50 බර පංතිය යටතේ ක්‍රීඩා කල බලකාන්තා නැවි කේඑම්එම්ජේ කෝනාර විසින් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකර ගත්තා.
මෙලෙස රන් පදක්කම් 10 ක්, රීදී පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 06 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.