ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති ගිවිසුමකට අත්සන් තැබීමට අවදානය යොමුව තිබෙනවා.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ පිළිබද අනාවරණ කළා.
බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සදහා අවබෝධතා ගිවිසුමකට ඉදිරි මාස දෙක තුළ අත්සන් තැබෙනු ඇති බවයි ඉන් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සදහාද සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ.