Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදයක් 

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදයක් 

    2024-03-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සඳහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය නව බීජ වියලීමේ පද්ධතියක් හඳුන්වා දී තිබේ.

    මෙම නව බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක වන අතර එම පද්ධතිය Solar Tunnel Dryer ලෙස හඳුන්වන බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පවසයි.

    Solar Tunnel Dryer තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වතාවට බවත්, මේ වනවිට මෙම අත්හදා බැලීම් සියයට සියයක්ම සාර්ථකව ඇතැයි ඒ මහතා පවසයි.  මෙම නව සොයා ගැනීම මුළුමනින්ම අප රට සතුවේ.

    සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී පසුගියදා   කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්  විවෘත කරනු ලැබීය.

    මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වීමයි. ඊට අමතරව මුළු ගබඩාවම වීදුරු ආවරණයකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික හිරුඑළිය මෙන්ම සූර්ය රශ්මිය ද අඛණ්ඩවම ලැබේ. රාත්‍රි කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකිවේ.

    එමෙන්ම බඩඉරිඟු හා වෙනත් ධාන්‍ය වියලීමේ දී ඇෆලටොක්සින්  ඇති වීමේ අවදානමක් නිසි පරිදි ජලය ඉවත් නොවීම නිසා සිදුවිය හැකි වුවත් මෙම ධාන්‍ය වියලීමේ පද්ධතිය මගින් එවැනි අවදානමක් ද නැත. එසේම බීජ සඳහා යොදා ගන්නා බඩඉරිඟු වැනි ධාන්‍ය පැළ කිරීමට උචිත ලෙස වියළා ගැනීමට හැකි නිසා එම ධාන්‍ය පැළ නොවීමේ අවදානමක් ද නැත.

    වව්නියාව බඩඉරිඟු බීජ නිෂ්පාදන හා සැකසුම් මධ්‍යස්ථානය ද මීට සමගාමීව විවෘත කළ අතර මෙම සැකසුම් මධ්‍යස්ථානය විසින් රටට අවශ්‍ය බඩඉරිඟු බීජවලින් සියයට 20ක් නිපදවනු ලබයි. මීට අමතරව අම්පාර පිහිටුවා ඇති බඩඉරිඟු බීජ සැකසුම් මධ්‍යස්ථානය මගින් තවත් සියයට 20ක් නිපදවන අතර රටේ සමස්ත බඩඉරිඟු බීජ අවශ්‍යතාවයෙන් සියයට 40ක් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

    ආශ්‍රීත පුවත්:  මනූෂ ඇමතිතුමා සමන්තබද්‍ර හිමිගෙන් සැරටම අහගනී (වීඩියෝ)

    ඒ අනුව ගොවීහු  600ක් අක්කර 600ක බීජ බඩඉරිඟු නිෂ්පාදනයේ යෙදී සිටිති.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නව තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් රුපියල් මිලියන 2500ක අමතර මුදලක් ලබා දී ඇතැයි සඳහන් කළේය. එම මුදලින් රුපියල් මිලියන 100ක් බැගින් සියලුම දිස්ත්‍රික්කවලට වෙන් කරන අතර සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් තෝරාගෙන එක් කොට්ඨාසයකට රුපියල් මිලියන 25ක් බැගින් ලබා දෙන බව ද කීය.

    විශේෂයෙන් නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හදුන්වා දීම සඳහා මෙම මුදල්  ජනාධිපතිතුමා ලබා දී ඇත්තේ අයවැයෙන් වෙන් කරන ලද මුදලට අමතරව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

    Sri Lanka
    පෙර පුව​තසෞඛ්‍ය සේවය ගැන ජනප්තිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානයක් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ දී විවෘත වෙයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group