ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ෂඵත් ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක, ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මහතා පවසනවා.
නව රජය දිවුරුම් දීමෙන් පසු ෂඵත් නියෝජිතයින් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඵලදායී සාකච්ඡා පැවැත් වූ බව ඒ මහතා අද පැවති විශේෂ සාකච්ඡාවකදි සදහන් කර තිබෙනවා.
එමෙන්ම ෂඵත් වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.