ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති ආයෝජන අවස්ථා පිළිබද ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සදහා මැලේසියානු ජාතික ආයෝජකයින් දෙදෙනෙකු (16) දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබෙනවා.
ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි නිෂ්පාදන සහ ඒවා විදෙස් රටවල් වෙත අපනයනය කරන සිලෝන් ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් සමාගමේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තාවන්නේ.
මෙම ශ්‍රී ලංකා සමාගම මිරිස්, ඇපල් පේර, සලාද, පිපිඤ්ඤා යන බෝග සියඹලාණ්ඩුව, තංගල්ල, පොල්පිතිගම සහ ආඬිගම යන ප්‍රදේශවල පිහිටි හරිතාගාර තුළ වගා කර විදෙස් රටවල් කරා අපනයනය සිදු කරනවා.
මෙම සමාගම ඔවුන්ගේ 3,200 ක් වන සේවක මණ්ඩලය ඇගැයීම සඳහා (17) දින සිලෝන් ගෝල්ඩන් ග්‍රීන් එවෝඩ්ස් – 2025 නමින් සම්මාන උළෙලක් ද සංවිධානය කර ඇති අතර එය කොළඹ රත්නදීප හෝටයේ දී පැවැත්වීමට සැළසුම් කර ඇති අතර මෙම මැලේසියානු ජාතිකයන් එම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතයි.
මොවුන් දෙදෙනා අද (16) දින සවස 04.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.













