ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.
අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව සඳහන් කළා.
එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින් පවතින බව ඇය එහිදී කියා සිටියා.
ආර්ථික අර්බුදයෙන් පසු මුල්වරට මෙරට ආර්ථික වර්ධනය 05% ඉක්මවා ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.
උද්ධමනය අඩුවීම සහ රාජ්‍ය ආදායම රැස්කිරීම වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කිරීම ඉතා යහපත් ප්‍රවණතා බවයි ජුලි කොසෑක් මහත්මිය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචිත ඉහළ මට්ටකට ළඟා වී ඇති බවද එහිදී ඇය සඳහන් කළා.
ආදායම් දළ දේශීය අනුපාතිකය සියයට 8.2 සිට සියයට 13.5ක් දක්වා වර්ධනය වීම ද බෙහෙවින් සාධනීය ලක්ෂණයක් බවයි ජුලි කොසෑක් මහත්මිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











