ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදුන්නා.
ඒ අනුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත් වූවා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බබබ ලකුණු 49ක්ද, නායක සිකන්ඩර් රාසා ලකුණු 47ක්ද ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවා.
එෂාන් මාලිංග කඩුලු දෙකක්ද මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක් ලබාගත යුතු වනවා.












