ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කන්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හොංකොං ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගැනීමට හැකි වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට හොංකොං කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.
ඒ අනුව පිටියට පිවිසි හොංකොං ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවූයේ නොදැවී පන්දුවට පහර දුන් Nizakat Khan හටයි.
ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 52ක්.
ඊට හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් අන්තර්ගතයි.
Anshy Rath ලකුණු 48ක් ලබාගත්තා.
ආරම්භක පිතිකරු Zeeshan Ali ලකුණු 23කට දැවී ගියා.
සෙසු ක්‍රීඩකයින්ට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකියාවක් ලැබුණේ නෑ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර වනිදු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුනු 150ක් ලබාගත යුතු වනවා.