ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් නම් කර තිබීම විශේෂත්වයක්.
ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී යි.
ශකිබ් සංචිතයට කැදවා ඇත්තේ තව්හිද් රිදෝයි වෙනුවටයි. රිදෝයි පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ඇතුළත්ව සිටි නමුත් එම තරගය සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.
මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක හසාන් මහ්මුද් ආබාධයකට ලක්ව සිටින මුස්ෆික් හසාන් වෙනුවට සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැහැ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
- දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට
- ගව සොරකමට තිදෙනෙක් මාට්ටුයි
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති කිරිවෙහෙර රජමහා විහාරාධිපති බැහැදකියි
- දිස්ත්‍රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
- චිකුන්ගුන්යා රෝගයේ අඩුවක්
- Child First ව්‍යාපෘතිය ඇරඹේ