ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන ඒ 330 – 200 පුළුල් බඳ සහිත එයාර්බස් යානය අද උදෑසන ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා.
ඒ අනුව අද උදෑසන අඩි 1,500ක උසකින් මෙම යානය පියාසර කරනු ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා මෙම යානය පියාසර කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කළේ.
පසුව කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණෙන මෙම යානය ගොඩබෑමට පෙර ගුවන් තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇති බව වාර්තා වනවා.