ශ්‍රී පාදස්ථානයට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු එම කන්දේ තිබූ ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට උපයෝග කර ගත් බවට සැක කරන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධීශ්වර, ධර්ම කීර්ති ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.
එම මාර්ගයේ අඩි 20ක පමණ දිගකින් යුත් යකඩ පඩිපෙළක් සහ අඩි 10ක පමණ යකඩ දම්වැලක් එයට සවිකර තිබෙනවා.
ඉන් අනතුරුව ශ්‍රීපාද ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ නාහිමිවරුන් විසින් වරින් වර ශ්‍රීපාද මාර්ගය කොන්ක්‍රීට් කර තිබෙනවා.













