ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සැකකරු ජූලම්පිටිය ,ගල්පොත්තෙයාය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, 25 හැවිරිදි අයෙකු බවයි පැවසෙන්නේ.
මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට මැදමුලන ,මැදගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගලුම් හල් සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බවද මිද්දෙනිය පොලිසිය පවසනවා.
විදේශයක සැඟව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නියෝගයක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ
උණුසුම් පුවත්
- රට තුල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200 ක්
- ලෝක සාගර දිනය අදයි
- රුසියා යුක්රේන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව අර්බුදයක
- රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනයත් අදින් අවසන්
- මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙන යාමේ සැලැස්මක්
- ප්‍රදේශ කිහිපයකට අද වැසි
- පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලේ දුම්රිය ගමන්
- පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර