රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද මෙම නියෝගය නිකුත් කළා.
රුපියල් අසූ අට ලක්ෂ 50,000 ක වන්දි මුදලක් ලබාගැනීම තුළින් ‘දූෂණය‘ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.