ශ්‍රී ලංකාවේ මාර්ගවල දැනට පවතින වේග සීමාවන් යාවත්කාලීන කර ක්‍රියාවට නැංවීම ලබන මාර්තු මස 31 වැනිදාට පෙර සිදු කිරීමට නියමිත බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
ඒ අනුව අනතුරු බහුල සහ ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිත මාර්ග නිවැරදිව හඳුනාගෙන ඒවායේ වේග සීමා පහත දැමීම සිදු කෙරෙනවා.
එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළේ, මේ වන විටත් වේග සීමා සංශෝධනය කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
මාර්ග ආරක්ෂාව සහ රථවාහන ගමනාගමන පහසුව සැලකිල්ලට ගනිමින් මෙම යාවත්කාලීන කිරීම් සිදු කෙරෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නවීන මාර්ග පහසුකම් පවතින සහ බාධාවකින් තොරව ගමන් කළ හැකි මාර්ග සඳහා පවතින වේග සීමාවන් ලිහිල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.
මේ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහ මාර්ග සලකුණු සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













