ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වැනි සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ඇරඹුණා .
”කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ වුණා.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබෙනවා.
රාජ්‍ය වෙසක් උත්සවය එළැඹෙන 16 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.
මේ අතර අදින් ආරම්භ වන වෙසක් සතිය තුල සියලු දෙනා ආගම ධර්මයට අනුකූලව රට තුල ධර්මද්වීපයක් ගොඩනැගීමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක ධුරන්දර ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියන් සදහන් කළා.