වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගෙන වෙනිසියුලාවෙන් පිටුවහල් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය “” ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇති බවද මාධ්‍ය වාර්තා පළ කරනවා.
ට්‍රම්ප් වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ අමෙරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළ බවත් ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කළ බවත්ය.
වෙනිසියුලානු වේලාවෙන් අද(03) අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක් මෙම ප්‍රහාර මාලාවේ ඉලක්ක වී තිබෙනවා.













