වීදි සුනඛයෙකුගේ සපාකෑමට ලක්වූ දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්.
ප්‍රදේශවාසින් පවසන්නේ පසුගිය 10 වනදා සුනඛයකු විසින් අදාළ දැරිය සපා කමට ලක් කර ඇති බවයි.
කෙසේවෙතත් අයගේ මව්පියන් ඇයට ජලභීතිකා එන්නත හෝ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර නොමැති බවයි ඔවුන් පවසන්නේ. සුනඛයාගේ සපාකමෙන් දින කිහිපයකට පසු දැරිය හදිසියේ අසනීපවීම හේතුවෙන් ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබුනා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර අදාළ දැරිය මියගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?













