වංචාකාරී ලෙස ගිණුමකින් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
එම ඒකකය වැඩිදුරටත් කියා සිටියේ පානදුර ප්රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකගේ ගිණුමෙන් මෙලෙස මුදල් වංචාකාරීව ලබාගෙන තිබූ බවයි.
ගම්පහ, ජාඇළ, මිනුවන්ගොඩ සහ ඒකල ප්රදේශවල පදිංචි වයස අවුරුදු 33ත් 46ත් අතර පුද්ගලයන් සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විහාරාධිපති හිමියන් කරන ලද පැමිණිල්ලක් මත සිදු කරනු ලැබූ දීර්ඝ විමර්ශනවලින් පසුවයි.
විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිණුම පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබනවා.
සැකකරුවන් එම බැංකුවේම නාරම්මල ශාඛාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම්වලට මාරු කරගෙන මුදල් ලබාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.