පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද(01) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මුදල් වෙන් කිරීම මෙන්ම ඉදිරි පාර්ල්මේන්තු කටයුතු පිළිබද තීරණයක් ගැනීම මෙම රැස්වීමේ මූලික අරමුණ වී තිබෙනවා.
මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(28) කථානායකවරයා මුණගැසී සාකච්ඡාවක නිරත වුණා.
එහිදී පළාත් පාලන මැතිවරණය සදහා මුදල් වෙන් කිරීම ඇතුළු කරුණු 03ක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, මේ පිළිබද තීරණයක් ගැනීම සදහා වහාම පාර්ලිමේන්තු කැදවීමට පියවර ගන්නා ලෙස විපක්ෂනායකවරයා විසින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.