පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් බව පවසා වැලිපැන්නේ පදිංචි පොලිස් නිලධාරියෙකුගේ නිවසට ඇතුළු වී දේපොළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සහ මෙරට නිෂ්පාදිත බොර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්ද සොයා ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොල්වත්ත හේනගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් .
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනිදා සැකකරුවන් එම නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා නිවැසියන් බියකර දේපොළ කොල්ලකා පලා ගොස් තිබුනා.
මේ අතර පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේනවා .
මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බවයි .
උණුසුම් පුවත්
- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්