දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.
එහි සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.
මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්, අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔවුන්, ඊයේ අත්අඩංගුවට ගත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.