වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා
පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. .
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.
වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසින බව සඳහන් වනවා.
මේ දිනවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර ජල සැපයුම සීමා සහිත බැවින් වාහන සේදීම, ගෙවතු වගා වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවමකොට අරපිරිස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.