හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 22 වැනිදා කැඳවීමට නියම කර තිබෙනවා .
ඒ කොළඹ මහාධිකරණය විසින්.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේදියි කැඳවනු ලැබුවා.
එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වුනේ. .
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 22 වැනිදා කැඳවීමටයි අධිකරණය නියම කර තිබුණා.
උණුසුම් පුවත්
- අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
- තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
- උතුරේ සහ දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැ
- රන් මිල තවත් පහළට
- නව ජාතික බුද්ධි ප්‍රධානී වැඩ අරඹයි
- නාරාහේන්පිට ගින්න මැඩපවත්වයි
- ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට











