විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් පුද්ගලයින් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට වාර්තා වූ පැමිණිලිවලට අදාලව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම විමර්ශන ආරම්භ කර ඇති බවටයි සදහන් වන්නේ.
ඒ අනුව ඊයේ දින සවස් කාලයේදී කිරුලපන පොලිස් වසමේදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 37 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.