විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ ස්ථාපිත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුගිය 26 වනදා රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලකදී එම කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ව්‍යාජ ලිපි ශීර්ෂ පිටපත්, ජීව දත්ත පත්‍රීකා, විදෙස් ගමන් බලපත්‍ර ඡායාපිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර කිහිපයක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 38ක් වන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු පසුගිය 27 වනදා අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක් 10 බැගින් ශරීර ඇප දෙක්ක මත මුදාහැර ඇති අතර සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













