2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අණාවරණය කර තිබුණා.
2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක් වනවා.
එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 20.1%ක් බවයි එම වාර්තා වල දක්වා ඇත්තේ.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව මෙම වසරේ මුල් මාස නමය තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, 2025 මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙසයි වාර්තා වන්නේ.
එය 2024 මුල් මාස නමය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 5.3%ක වැඩිවීමක්.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










