
මෙම වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා තිබෙනවා. එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,382.4ක් බවයි වාර්තා වන්නේ. ජූලි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 777.6 ක් ලෙස ද සටහන් වනවා.














