කරදියනාරු, පුලියාවේල් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවකට විදුලි සැර වැදීම හේතුවෙන් මියගොස් සිටින බවට කරදියනාරු පොලිස් ස්ථානයට ලද පණිවිඩයයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු47ක් වූ පංකුඩාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණකාරිය අවුරුදු 48ක් වූ ඒරාවූර් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
කුඹුරු ආරක්ෂාව සඳහා අනවසරයෙන් යොදවා ඇති විදුලි රැහැනක පිරිමි පුද්ගලයා ගැටී ඇති අතර එම පුද්ගයා බේරා ගැනීමට ගිය කාන්තාවටද විදුලි සැර වැද ඇති බවට දැනට සිදු කරන විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













